ඔන්න පහුගිය දවසක ගෙදර ගිහිපු වෙලාවෙක ජෙම්ස් ගියා හවස් වෙලා පොඩි රවුමක් ගහන්න. ඉතිං යාලුවෝ එකක්ට සුට්ටක් සෙටාර් වෙලා ආයේ ගෙදර එද්දි බස් හෝල්ට් එකේ ඉන්නවා දැක්කා දැකලා පුරුදු කෙල්ලෙක්.
අප්පටසිරි...!
ඉස්කෝලේ අපේ පංතියේ හිටපු රුචිනි...!
ඔන්න ඉතිං මටත් හොරා මගේ දකුණු කකුල බ්රේක් පැඩ්ල් එක උඩ.!
දෙන්...රිවස් ගියර්.!
කෙල්ලටත් මාව දැක්කා විතරයි අංඤ කොරොස්.....
ඉතිං බැහැලා ගිහිං කෙල්ල එක්ක දැම්මා පොඩි චැටක්. ඇත්තටම මාර හැපී.. හුග කාලෙකින්නේ දැක්කේ. ඉතිං ආගිය විස්තර කතා කර කර ඉන්නකොට මම කිවා...
‘රුචිනියා ගෙදර නම් යන්නේ මගෙත් එක්ක යං, මම ඩ්‍රොප් කරගෙන යන්නං‘
කියලා. ඉතිං ඒකිත් ඕකේ කියලා මගේ පුංචි පැන්ඩාට ගොඩ උනා. කොහොම හරි රුචිනියවත් ගෙදෙට්ට දාලා එහෙං පැෂෝනා එකකුත් බිලා කොල්ලා ගෙදර...
ඔන්න කොල්ලා ගෙදරත් ආවා කියමුකෝ, ඔන්න ඊට පස්සේ ගෙදර උන සිද්ධිය...
අම්මා : ඉලන්දාරියා කොහේද මේ හවස් වෙලා ගියේ?
මම : මම කිවේ අම්මා.... බන්ඩාලා එක්ක පොඩ්ඩක් එළියට ගියා...
අම්මා : හොදටම ෂුවර්ද..?
මම : බුදු ෂුවර්, මොකක්ද කේස් එක..?
අම්මා : නෑ... මේ නිකං....
මම : නිකං වෙන්න බෑ... කියන්නකෝ අම්මා මොකක්ද කේස් එක..
අම්මා : නෑ මේ මට කෙනෙක් කීවා මගේ වෙන්ඩ ලේලි කාර් එකේ තියන් යනවා දැක්කා කියලා...
මම : හුටා... කව්ද ඒ කෙප්පේ ඇදලා ඇරියේ...
අම්මා : එව්වා වැඩක් නෑනේ.... කවුද පුතේ කෙලි පොඩ්ඩ...? ආයෙමත් උබ ඇන්දෙන්නෑ නේද...?
මම : අයියෝ අම්මේ... ඒ අපේ ඉස්කෝලේ හිටිය ළමයෙක්, හවස හෝල්ට් එකේ ඉන්නවා දැකලා කතා කලා, එයක් මේ පැත්තට එන නිසා දාගෙන ආචා. එච්චරයි...
අම්මා : හ්ම්...!
මම : කව්ද අම්මා කිවේ...?
අම්මා : උපාලි අංකල්...
ඔන්න ඕකයි තත්ත්වේ... ගැණු එක්ක වසලා ඉන්න පුළුවං... යකෝ චීත්ත අදින පිරිමි එකක්නේ වසලා ඉන්න බැරි...
අම්මපා මම කනවා ඕකව...
වෙලාවට මම හරක් මස් කන්නෑ....