July 1, 2015

පඩි ටෝක්.. ප්‍රභාකරං කොටියත් හොද වෙන්න තිබ්බා...!




ඔන්න දැං මාස කීපෙකින් ඡන්දයක් එනවානේ.. දැම්ම ඉදං බයියො, ටොයියෝ, ගොයියෝ සේරම තරගෙට බුරන්න පටං අරං. කොටිංම කිවොත් ජෙමාට වහ කදුරු ටොපික් එකක් තමයි ඔය කලටිපොල් කියන්නේ. ඇයි හත්වලාමේ නිකමට හිතලා බලහල්ලකෝ මොනතරං විකාරද කියලා. දෙතුං පැත්තකට වෙලා කෙලගන්නවා. 

මට නං හිතෙන්නේ මෙච්චරයි. බයියද, ටොයියද, ගොයියද මොකා උනත් කමක් නෑ රටට යහපතක් කරනවා නං. ඔය ලොකු ලොකු පුටුවලට එන මොකත් ජරාව කනවා, මඩි ගහනවාම තමයි. ඒක වයිමගේ තාත්තා සක්කරයා ආවත් වලක්වන්න බෑ. රටට හොදක් කරන බයියා නෙමෙයි ටොයියා උනත් මට හොදයි. සක්කරයා උනත් වැඩක් නෑ රටට  යහපතක් කරන්නැත්තං.

මේ රටේ හොද නායකත්ව හැකියාවන් තියන මිනිස්සු ඉන්නවා. හිටියා. සමහරක් මිනිස්සු හොද පාරේ ගිහින් රටට සේවයක් කලා.. සමහරක් නරක විදියට තමන්ගේ නායකත්ව හැකියාවන් යොදවලා රටට කෙලෙව්වා. රටේ මිනිස්සුන්ට කෙලෙව්වා. නිකමට හිතන්ඩ මහ ප්‍රභාකරන් තමංගේ තිබිච්චි නායකත්ව හැකියාව හොද විදියට උපයෝගි කරගෙන රටට සේවයක් කලා නම් අද මොන තත්ත්වෙක ඉන්න තිබුණද? වැරදියට වටහා ගන්න එපා කියපු දේ.. මම ප්‍රභාකරන් සුදනා කරන්න හැදුවා නෙවෙයි.

ඕනි මගුලක්... ඉස්සරහට එන ඡන්දෙදි ඔලුව පාවිච්චි කරලා රටට යහපතක් කරන්න පුළුවං බයියෙක් හරි ටොයියෙක් හරි ගොයියෙක් හරි පත්කරගන්නලා... එක එකා වෙනුවෙන් කාගෙන කොටාගෙන ගොං ආතල් දෙන්න එපා..
 
පෝය දවසේවත් පංසලකට යමල්ලා....


19 comments:

  1. දැනුයි දන්නේ පෝය කියලා, ඒකයි මේ බ්ලොග් ට්‍රැෆික් අඩු!

    ReplyDelete
  2. පොතේ හැටියට නම් අද වැඩි වෙන්න ඕනේ දවසක්!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි... සෙලසටම කිව්වා...!

      Delete
  3. බ්ලොගර් ලා ගෙන් බහුතරයක් කාර්යාලීය අන්තර්ජාල සබදතා වලින් ලියන කියවන අය. කකා කියපු එක ඇත්ත වෙන්නෙ එතනදි

    උඹට කියන්න වෙනනෙ ජෙමෝ උදෙම්ම පොලයක් ඔළුවට වට්ට ගත්ත නං ටක් ගාලබේත් ගන්නව මිස ඒ වෙලාවට හිතෙන ඒව කොටන්න ගියෙ අහවල් එක්කටය.

    මේ කපේ වෙන්නැති දෙයක්

    ReplyDelete
    Replies
    1. @ Mahesh RathnayakaJuly 1, 2015 at 8:27 AM

      මුලිංම කියන්න ඕනි ඔය ඔබතුමා කියපු බහුතරේ ගොඩට ජෙමා අයිති වෙන්නෑ.

      දෙවනියට පොඩ්ඩක් කැලැන්ඩරේ බලපං.. අද පෝය.

      Delete
    2. @ Mahesh RathnayakaJuly 1, 2015 at 8:27 AM

      නැත්නම් අර උඩින් කමෙන්ට් කරලා තියන අල්තයීර්-Altaïr (කරූ) ගෙ කමෙන්ට් එක බලපන්කෝ... :D :P

      Delete
    3. නොදකින් පිනට ඉන්ටෙර්නෙට් යන පිංගොනාලා තමයි ගවර්න්මන්ට් සෙක්ටර් එකේ වැඩියෙම ඉන්නේ. ප්‍රයිවෙට් ෆර්ම් වල ඉන්නේ බොහොම ටිකයි ඉබ්බට නෙට් යන එවුන්.

      Delete
    4. @ AnonymousJuly 1, 2015 at 6:54 PM
      තැන්කෝ ඇනෝ....

      Delete
  4. ඔන්න ගොඩවුණා. පරණ ටිකත් කියෙව්වා. මූණු පොතේ පුරුද්දට වෙන්ටෑ පොඩි පොඩි කෑලි වැටෙන්නෙ. තව ටිකක් දික් කරගෙන ඔහොම යං...ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. ෂෝට් ඇන්ඩ් ස්වීට් මධු...
      ටික ටික දික් කොරනවා....

      Delete
  5. ""ජෙමාට වහ කදුරු ටොපික් එකක් තමයි ඔය කලටිපොල් කියන්නේ""

    එකෙන්ම බන්...දේශපාලනේ කියන්නේ ගූ ගොඩක්...
    ඇති යන්තම්....anti-politics එකෙක් හම්බුවෙන එකත් ලොකු දෙයක් මචං...

    ReplyDelete
  6. අදනේ උඹේ බ්ලොග දැක්කේ. එළ එළ.. ඔහොම යං.. මාත් මෙහෙම හිටියට ඇන්ටි පොලිටික් තමයි.. හිටපු ගමං ඒ වුනාට ඇන්ටිලත් එක්ක පංසලුත් යනවා හිටං.. දිගටම ලියපං. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. එල එලස්...
      කාලයක් වෙන බ්ලොගක් ලිවා.. ඒක ඇති කියලා හිතිලා නැවැත්තුවා. මේකත් ඇති කියලා හිතුනු දවසට නවත්තනවා...

      මල් එහෙම අරං වෙන්ටෑ පංසල් යන්නේ...???

      Delete
  7. මමත් ඔෆිස් එකෙවත් මුණු පොතේවත් දේශපාලනය කතා කරන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා...!
      එච්චරයි වෙන්න ඕනි...තම තමගේ දේශපාලන මෙව්වා එක තමංගේ හිතේ තියාගෙන කාටවත් කරදරයක් නොවෙන්න ඉන්නවා නං ගොං ආතල් ගොඩක් අඩු වෙනවා...

      Delete
  8. පිරබාහරන්ගේ ගෝලයෝ අද එන්න හදනවා සුදු රෙදි ඇඳගෙන. බලමුකෝ බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. එව්වා ගැන කතා කරන්න ගියොතත් ඇගේ ලේ කෝප වෙනවා...

      Delete